මහනුවර ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දොලි පෙරහැර අදින්(10) ආරම්භ වෙයි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවිම අගෝස්තු මස පළමු වනදා සිදු කළ අතර කුඹල් පෙරහැර පසුගිය 05 වනදා ආරම්භ වුණි.

එහි අවසන් කුඹල් පෙරහැර ඊයේ(09) රාත්‍රීයේ විථි සංචාරය කළේය.

ඇසළ පෙරහැර මංගල්‍ය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version