තද සුළං තත්ත්වයෙන් හානි වු නිවාසවලට වන්දි

තද සුළං තත්ත්වය හේතුවෙන් හානියට පත්වු නිවාස සඳහා වන්දි ලබා දීමට පියවර ගන්නා බව ආපදා කලමාණාකරන මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ නිවාස 2279ක් අර්ධ හානියට පත්ව ඇති අතර ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා මාර්ගයෙන් වන්දි සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි  තරමක තද වර්ෂාතනයක් ඇති විය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Exit mobile version