රජය බලයට පත් වහාම තෙල් මිල අඩු කළා – රටේ ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා

ඉන්ධන අඩු මිලට ලබාදීම හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන හැටනවයක පාඩුවක් සිදු වී ඇතැයි ද රටේ ඉල්ලුමට අනුව දිනෙන් දින බලශක්ති ඉල්ලුම වැඩිවෙමින් පවතින බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසී ය.

ස්පොට් ටෙන්ඩර්ස් විනිවිදභාවයෙන් අනුමත වෙන්නේ. මාර්තු මස වනවිට දිර්ග කාලීන ටෙන්ඩර් පටිපාටියට යනවා. තෙල් එනවිට සම්පල් බලන්න සැලසුම් කර තිබෙනවා. රජය බලයට පත් වහාම තෙල් මිල අඩු කළා. රටේ ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

රටේ වර්තමානය සළකා බලන විට බලශක්ති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. පිරිපහදු හදා ගැනීමට සාකච්ඡා කෙරෙනවා. අපේ ආයතනයට අයවිය යුතු මුදල් තියෙනවා. බිලියන 67.8ක් අයවීමට තිබෙනවා. අඩුමිලට ඉන්ධන
මහජනතාවට ලබාදීම නිසා පාඩු වී තිබෙනවා, බිලියන 69ක් 2015 සිට. මුතුරාජවෙල හා කොළොන්නාව සම්බන්ධ නළ පද්ධතිය අධ්‍යනය කටයුතු ආරම්භ කර තිබෙනවා.කොළොන්නාවට ඉන්ධන පිරිසිදු කිරීමේ පෙරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. වසර 70ක් පරණ එකම නළ මාර්ගයක් තිබෙන්නේ. ඒ නිසා අගල් 12 විෂ්කම්භයක් ඇති නළ මාර්ගය කොටස් වශයෙන් සංවර්ධනය කරගෙන යනවා. මුතුරාජවෙල සිට ගුවන්තොටුපල දක්වා ඉන්ධන නළ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසීය.

Exit mobile version