නල්ලතන්නිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද(12) මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක කාලයක් ඇණ හිට තිබු බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ස්ථානය අසල පස් කන්දකුයි මෙසේ කඩා වැටි ඇත්තේ.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට අද උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වල නියැලි සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට සිමා කල බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

තවදුරටත් එම ස්ථානයේ පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම ස්ථානය අසලින් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නල්ලතන්නිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Exit mobile version