තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

කුච්චවේලි සහ බේරුවල ප්‍රදේශවලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

කුච්චවේලි මදුරන්කුඩා ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී 46 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඊයේ (12) රාත්‍රී 08.15 ට පමණ ඝාතනය සිදුව ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු කුච්චවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බේරුවල කරදගොඩ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් 27 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව බේරුවල පොලිසිය සදහන් කළේය.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version