දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සොයා බැලිය යුතුයි

13 වන සංශෝධනයේ ඇති සියලු බලතල දෙමළ ජනතාවට ලබා දිය යුතු යැයි තම පෞද්ගලික විශ්වාසය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මුලතිව්හි පැවති උත්සවයකදී මේ අදහස් පල කළේය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා නොබලන්නේ නම් අනාගතයේදී විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version