ගල්කිස්සේ දී කුඩු එක්ක කතක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 49 ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු අද(14) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර මෙහෙයුම් සිදු කරයි.

Exit mobile version