මෙන්න අද කාලගුණ තත්ත්වය

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට අද(15) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ සිහින් වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version