ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය අද ජනපතිට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදිමට නියමිතව තිබේ.

දහවල් පෙරහැරෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන්ලා පෙරහැරකින් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත එම සංදේශය භාරදීමට නියමිතයි.

Exit mobile version