එජාප අපේක්ෂකයා ගැන අත්සන් ලේඛනයක් අගමැතිට

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව බහුතර මන්ත්‍රි කණ්ඩායමකගේ අත්සන් ලේඛනයක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ තම අපේක්ෂකයා මේ දිනවල පාක්ෂීකයන් අවදි කරමින් රට පුරා ගමන් කරන බවයි.

පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට උත්සහ දරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ට ඉදිරියේදී විවිධ අර්බුදවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වේදීන් නැගු පැනයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version