කුඩුත් එක්ක තරුණයෙක් රත්මලානේ දී අල්ලයි

රත්මලාන, සිල්වෙස්ටර් පාලම අසලදි හෙරොයින් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 280ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරු 22 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version