සජිත්ට සහය දෙන තවත් රැළියක් අද මාතරදී

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමේ මහජන රැළියක් අද (23) මාතර ප්‍රදේශයේ පැවත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම රැළිය පැවැත්වීමට කටයුතු කර ඇත්තේ ජනතාවගේ හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඉල්ලීම් මත බව මේ පිළිබඳ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉතාම සාර්ථක රැළියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම රැළිය සංවිධානය කර ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

Exit mobile version