කළුතර පොහොර සහනාධාර වශයෙන් මිලියන 75ක්

මෙවර යල කන්නයේ වී වගාව  සඳහා පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 75.2 ක්  ගොවීන් වෙත ලබා දී ඇතැයි  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති කුඹුරු හෙක්ටර්යාර් 5924  ක ගොවීන් 14827 ක් සඳහා මෙම මුදල් ලබා දී තිබේ.
දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයට ලැබුණු සියලු ම අයදුම්පත් පරික්ෂා කිරිමෙන්  පසු සුදුසු සියලු ම ගොවින් සඳහා පෙහොර සහනාධාරය ලබා දීමට කටයුතු කර ඇත.
මීට පෙර කන්නවල පොහොර සහනාධාර මුදල් ලබාගෙන වගාකර නොමැති ගොවීන් මෙවර පොහොර සහනාධාරය සඳහා හිමිකම් නොලබන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.
Exit mobile version