එජාපය අනිවාර්යෙන් බෙදෙනවා

ජනාධිපතිවරණය සඳහා අප්‍කේෂකයෙකු පත් කළද එක්සත් ජාතික පක්ෂය තුල පවතින අර්බුදය විසඳිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මාතර පැවති ජන හමුවකදීය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා නම් කරත් එක්සත් ජාතික පක්ෂය තුළ ඇති බෙදීම කිසිදු පුද්ගලයෙකුට නතරකළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නම් කර ඇත්තේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version