රණවිරුවන්ට නිවාස ණය යෝජනා ක්‍රමයකට කැබිනට් විශේෂ අනුමැතිය

රණවිරු ප්‍රජාවට සහනදායි නිවාස ණය ආධාර ක්‍රමයක් සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද(27) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එන්ට්‍රපයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ රට දැය බේරා ගත් රණවිරුවන්ට සුවිශේෂි ණය වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙන බවත් පැවසු අමාත්‍යවරයා, රණවිරුවන්ගේ නිවාස ප්‍රශ්නයට මේ තුළින් තිරසාර විසඳුමක් ලබා දීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

Exit mobile version