සජිත් එංගලන්තයෙත් ප්‍රසිද්ධ වුවෙක්

සජිත් ප්‍රේමදාස මහතා යනු සිය පියාගේ අඩිපාරේ යමින් නැති බැරි අය ඇති හැකි කිරීමට උත්සාහ ගන්නා නායකයෙකු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඊයේ(26) දිඹුලාගල,මහඋලපත, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඇතැම් ඊර්ෂ්‍යාකාර පිරිස් විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ පිරිසිදු නාමය අපිරිසිදු කිරීමට උත්සාහ දරණ බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

නමුත් ගම්වල ජනතාව ඒවා ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විමසන අයට පැවසීමට ඇත්තේ ඔහු දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස ලංකාවේ පමණක් නොව එංගලන්තයෙත් ප්‍රසිද්ධ වුවෙක් බව වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version