අකිල ධනංජය ඉන්දියාවට

පන්දු යැවිමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීන්ෂණයකට මුහුණ දිම සදහා ශ්‍රිලංකා දඟ පන්දු යවන ක්‍රිඩක අකිල ධනංජය අද ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියම්තව තිබේ.

අකිල ධනංජය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පරිපාලන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා ද චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ය.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවකු නොසිටිම හේතුවෙන්, ජෙරම් ජයරත්න මහතා මේ සඳහා සභාභාගී වේ.

නවසිලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේදී නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව විනිසුරුවරුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබුණි.

එතැන් සිට දින 14 ක් ඇතුළත සැකයට පාත්‍රවූ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අකිල ධනංජය පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුවන අතර, එහි වාර්තාව නිකුත් වනතුරු ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.

පන්දුවාර විස්සයි විස්ස කඩුලු 16 ක හිමිකරුවකු වන අකිල ධනංජය ටෙස්ට් තරග 6 කදී කඩුලු 33 ක් ද, එක්දින තරග 36 කදී කඩුලු 51 ක් ද දවාගෙන තිබේ.

Exit mobile version