අංගොඩ ලොක්කාගේ සමීපතමයන් 3ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා හංවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්වුයේ 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ 22 හැවිරිදි පුද්ගලයෙක්.

Exit mobile version