රට ජාතිය ආරක්ෂා කිරීමට අපනයන කර්මාන්තය දියුණු කළ යුතුයි

සැබවින්ම රට ජාතිය ආරක්ෂා කිරීමට නම් අපනයන කර්මාන්තය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් සංවිධානය කළ බතික් ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ නුග සෙවන පරිශ්‍රෙය්දි පැවැත් විය.

රට අපනයනය ආර්ථිකයකට පරිවර්තනය කළ යුතුව තිබෙන බවත් පැවසු අගමැතිවරයා, අපනයනය දියුණු වී ආදායම වැඩි වන්නේ නම්‍, රටේ ආදායම නිරන්තරයෙන් වැඩිවෙන බවද කියා සිටියේය.

ලෝකයේ දියුණු වු සෑම රටක්ම දියුණු වී ඇත්තේ අපනයනය කර්මාන්තයෙන් බවත් පැවසු අගමැතිවරයා, 1979 තමා චීනෙට යන විට බයිසිකල් පමණක් තිබු නමුත් අද තියෙන්නේ කාර් පමණක් බවත් පැවසීය.

චීනය දියුණු වී ඇත්තේ, අපනයනය කර්මාන්තය නිසාවෙන් බවද පැවසු අගමැතිවරයා, ආණ්ඩුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීමට සුදානම් බවද කියා සිටියේය.

ඉදිරි වර්ෂ කීපයේ දී එම ප්‍රාග්ධනය ලබා දීමට කැමති බවත් මෙය අද වන විට තිබෙන මුලික ප්‍රශ්නයක් බවත් පැවසු වික්‍රමසිංහ මහතා, රට ජාතිය බේරා ගැනීමට නම් අපනයන ආර්ථිකයට යා යුතු බවත් සඳහන් කළේය.

ඒ ගැන කථා කළ හැකි අයෙක් වේ නම් ඒ අයට අනාගතයට යා හැකි බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version