විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

ගම්පොල පොලිස් වසමේ මුරේතොට ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වු දෙනියගම මිල්ලගහමුල ලිපිනයේ පදිංචි අයෙක් බව පොලිසිය පවසයි..

මරණකරු තම කුඹුර සතුන්ගෙන් ආරක්ෂා කිරීමට විදුලි රැහැනක් යෙදීමට යාමේදී මෙසේ විදුලි සැර වැදී ඇත බව අනාවරණය වී ඇත.

මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version