යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කුරුණෑගල මිල්ලෑව මාර්ගයේ මිල්ලෑව පල්ලියවත්ත පාර හන්දිය අසළදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වු මාස්පොත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version