බෝරාවරුන්ගේ සමුළුව නිසා විශේෂ රථ වාහන සැළැස්මක්

කොළඹ, වෙරළ මාවත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය පසුකර දකුණු පසින් ගාලු පාරට ධාවනය කළ යුතු බව ඒ මහතා පවසයි.

එසේම දින 10 කාලය තුළ හැකිතාක් දුරට රියදුරන් කොළඹට ඇතුලුවන වාහන ගාලු පාර හරහාත් කොළඹින් පිටවන වාහන ඩුබ්ලිකේෂන් පාර හරහාත් ගමන් කරන මෙන් රුවන් ගුණසේකර මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version