අපද්‍රව්‍ය කළමනාකරණයට ජාතික ප්‍රතිපත්තියක් සඳහා අනුමැතිය

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඝන, ද්‍රව හා වායුමය අපද්‍රව්‍ය කාණ්ඩයන්ට අයත් වන දැනට පවතින හා ඉදිරියේ දී ඇති විය හැකි සියලුම අපද්‍රව්‍ය වර්ග ඇතළත් කරමින් මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇත.

එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ පොදු, එහෙත් වෙනස් වු වගකීම් පුළුල් ලෙස හඳුනා ගනිමින් කෙටුම්පත් කරන ලද අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති රාමුව හා රෙගුලාසි සකස් කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version