අකුරැස්සේ වෙඩි තැබීමක් – පොලිස් නිලධාරීන් 2ක්ට තුවාල

අකුරැස්ස, තිබ්බොටුවාව හංදිය අසල ප්‍රදේශයකදී යතුරු පැදියකින් ගමන් කළ සැකකටයුතු පුද්ගලයන් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

රාත්‍රි යතුරුපැදි මුර සංචාරයේ යෙදුණූ නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු යතුරු පැදියක් නතර කරන ලෙස සංඥා කර ඇත.

එහෙත් ඔවුන් එම සංඥාව නොතකා පළා යාමේදී පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් ඇති අතර යතුරු පැදියේ සිටි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අද (06) අළුයම 01.00ට පමණ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පොලිස් නිළධාරීන් දෙදෙනා මාතර මහරෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරුවන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

Exit mobile version