අරුවක්කාලුවට කසල ගෙන ගිය ටිපර් රථවලට තුන්වන වරටත් අනතුරක්

අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථ දෙකක් අද (09) අලුයම කරිකට්ටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටිමේන් එක් රථයකට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අනතුර පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී සිදුවී තිබේ.

ඉදිරියෙන් ධාවනය කරමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේ තිරිඟ තද කිරීමත් සමඟ පසුපසින් පැමිණි ටිපර් රථයේ ගැටිම සිදුව ඇති බව පොලිසිය පවසයි.

මුන්දලම පොලිසිය විසින් අදාල කසල පටවා තිබු ටිපර් රථය දොඹකර ආධාරයෙන් මුන්දලම පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

පොලිසිය පවසන්නේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනයකරමින් තිබු ටිපර් රථ මේ ආකාරයට අනතුරට ලක්වු තුන්වන අවස්ථාව බවයි.

පොලිසිය සදහන් කළේ ටිපර් රථ රියදුරන්ට අධික නිදිමත සහ දැඩි වෙහෙස හේතුවෙන් මෙම අනතුර සිදුවන බවයි.

Exit mobile version