මස්කෙළියේ වතු නිවාස පේළියක නිවසක ගින්නක්

මස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ, බාග්‍රෝ කොටසේ වතු නිවාස පේළියක පිහිටි නිවසක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම නිවසේ උඩු මහළ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.

ගින්න ඇතිවන අවස්ථාවේ නිවැසියන් තේ වතුයායේ දෛනික සේවය සඳහා ගොස් සිටි නිසා කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

එම වතු නිවාස පේළියේ පදිංචි වතු කම්කරුවන් ඇතුලු පිරිසක් මෙම ගින්න පැතිරයාම වළක්වා වහා ගින්න නිවා දැමීමට පියවර ගැනීම නිසා අනෙකුත් නිවාසවලට සිදුවීමට තිබූ අනතුර වළක්වාගෙන ඇත.

මෙම ගින්නෙන් එම නිවසේ ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් දැවී විනාශයට පත්ව තිබේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරන බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.

Exit mobile version