Home දේශීය පුවත් පුලතිසි පොලොන්නරුව බලා අද සිට ගමන් අරඹයි

පුලතිසි පොලොන්නරුව බලා අද සිට ගමන් අරඹයි

0
පුලතිසි පොලොන්නරුව බලා අද සිට ගමන් අරඹයි

එස් 14 වර්ගයේ අති සුඛෝපබෝගී දුම්රියක් අද (11) දිනයේ සිට දිනපතා පොලොන්නරුව බලා ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර එහි මංගල ගමන්‍ වාරය සඳහා ජනාධිපතිවරයා එක්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

“පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය“ ලෙස නම් කර ඇති එම දුම්රිය අද පස්වරු 03.05ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලොන්නරුව බලා ධාවනය කිරිමට සැලසුම් කර තිබේ.

එම දුම්රිය අද රාත්‍රී 07.47ට පොලොන්නරුව දුම්රිය ස්ථානයට ලඟාවිමට නියමිතයි.

පොලොන්නරුව බලා ධාවනය වන පුලතිසි දුම්රිය හෙට (12) පස්වරු 03.45ට යලි පොලොන්නරුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරන අතර එය රාත්‍රී 09.06ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවෙනු ඇත.

මෙම නව සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල, කුරුණැගල, මහව, කැකිරාව, හබරණ සහ හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version