පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

තම ගැටළු සඳහා සතියක කාලයක් තුළ විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා මහතා කියා සිටියේ, ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට මේ වන තෙක් කිසිදු බලධාරියෙකු මැදිහත් නොවු බවයි.

ඒ අනුව ඊයේ (10) ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයෙත් ක්‍රියාත්මක වෙයි.

Exit mobile version