විදුලි සැර වැදී විදේශිකයෙක් මරුට

ජා ඇල නගරයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක දී යන්ත්‍රයක් සවි කිරීම සඳහා පැමිණි විදේශිකයෙකු විදුලි සැර වැදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු තුර්කි ජාතිකයෙක් බව පොලිසිය පවසයි.

මෘත ශරීරය ජා ඇල රෝහලේ තැන්පත් කර ඇති අතර ජා ඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version