අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළේ කවුද ?

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක අගයක් දක්වා ඉහළට ගෙන ඒම තම ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මන්නාරම දී පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට සිදු කර තිබෙන දියුණුවට වඩා වැඩි දියුණුවක් තමන්ට සිදු කළ හැකි බවට කවුරුන් හෝ පවසනවා නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් සමඟ වාද කිරීමට ද තමන් සූදානම් බවත් ඔහු පැවැසීය.

මන්නාරම, ඉරුක්කලම්පිඩි මුස්ලිම් මහා විද්‍යාලයේ නව තාක්‍ෂණ ගොඩනැගිල්ල සහ නව ක්‍රීඩා ප්‍රේක්‍ෂකාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. අධ්‍යාපනය දියුණු කරන බවට ඕනෑම අයෙකුට ප්‍රකාශ කළ හැකියි.

බලයේ සිටින අවස්ථාවේ අධ්‍යාපනය දියුණු නොකළේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. අධ්‍යාපනය දියුණු කිරීමට අවස්ථාව තිබිය දී ඔවුන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. අධ්‍යාපනය දියුණු කිරීමට දක්‍ෂතාවක් ඔවුන්ට තිබුණේ නැහැ.

අධ්‍යාපනය පිළිබඳව දැන් කොතරම් ප්‍රකාශ සිදු කළත් ඉන් කිසිඳු ප්‍රයෝජනයක් වන්නේ නැහැ.”

Exit mobile version