කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා සහා ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (12) සවස බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතීන් සතුව තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබු ජංගම දුරකථන 2ක් හා චාජර් 2ක් සොයා ගැනීමට හැකි වී ඇත.

ඒ අනුව රත්ගම පොලීසිය විසින් කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීයෙකුට දුරකථනය මඟින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Exit mobile version