පෝය දා මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

බිනර පුන් පොහෝදින මත්පැන් අලෙවිකළ පුද්ගලයෙකු කඩුවෙල පට්ටියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප්‍රදේශයේදී පොහෝ දිනයේ මත්පැන් අළෙවිකරන බවට නවගමුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.

එහිදී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේය.

පසුව අනාවරණය වුයේ ඔහු කල් ඉකුත්වූ බලපත්‍රයක් භාවිතයෙන් මෙලෙස මත්පැන් අළෙවිකර ඇති බවයි.

අත්අඩංගුවට පත් සැකකරු අද (14) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version