නිෂ්පාදනය, ආදයම් අඩුකරන විට බදු පමණක් ඉහළ දැමු බව බන්දුල කියයි

ආණ්ඩුව විසින් රටේ නිෂ්පාදනය සහ ආදයම් වැනි දේ අඩුකරන විට බදු පමණක් ඉහළ දැමූ බව එක්සත් ජනතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ඊයේ (13) ඇල්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ සමස්ත ජනයාගෙන් ලබා ගත් බදු ආදායම ත්‍රිලියන එකක් බවත් වර්තමාන ආණ්ඩුව මේ වන විට ජනතාවගෙන් ත්‍රිලියන දෙකක් ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

මෙලෙස ආණ්ඩුව විසින් ජනතාව මත පනවා ඇති සියයට සියයක බදු හේතුවන් මහජනතාවට යන එන මං නැති වී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Exit mobile version