එජනිස මන්ත්‍රින් 5කගේ පක්ෂ සාමාජිකත්වය තහනමට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර තිබේ.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ හා පොදුජන පෙරමුණට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ය.

පක්ෂ සාමාජිකත්වය තහනම් කළ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ, එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන විජිත් විජයමුණි සොයිසා හා ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ය.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ඉදිරි සතිය තුළ ඊට අදාළ ලිපි මන්ත්‍රීවරුන්ට යොමු කරන බව ය.

Exit mobile version