මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට

මැණික් ගලක් මිල දී ගැනීමට පැමිණි පුද්ගලයෙකු ලඟ තිබු ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් විමර්ශනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (15) රාත්‍රීයේ ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අද (16) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version