පොලීසියේ අට දෙනෙකුගේ වැඩ තහනම් කරයි

හලාවත කොටිඨාසයේ හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයින් 5ක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු ඇතුළු අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේය.

ලද තොරතුරු මත පසුගිය 6 වනදා මෙම පිරිස වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිද සැකකරුවන් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් 9 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් මුදාහැරීමට කටයුතු කර ඇත.

මීට අමතරව සූදූ පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබාගෙන දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

Exit mobile version