පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම නොවැම්බර් 13 වැනිදා

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන නොවැම්බර් මස 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

පෙත්සම අද දින කැඳවනු ලැබුවේ, ප්‍රසන්න ජයවර්ධන, පි. පද්මන් සූරසේන හා එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

තමාව අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අවලංගු කරන්නැයි, ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා විසින් මෙම මුලික අයිතිවාසකම් පෙත්සම ගොනුකර තිබේ.

Exit mobile version