අකුරැස්ස, කඹුරුපිටිය මාර්ගයේ ගමනාගමනයට බාධා

අකුරැස්ස, කඹුරුපිටිය මාර්ගය කුම්මලගොඩ මන්සංදිය අසල මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇත.

මේ වන විට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අකුරුස්ස, අතුරලිය මාර්ගය දැඩිව අබලන් වී ඇති අතර මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද මෙතක් එයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

මෙම විරෝධතාවය සඳහා අකුරුස්ස, අතුරලිය මාර්ගය භාවිතා කරන ජනතාව සහ එහි ගමන්කරන පුද්ගලික හා ලංගම බස් රථවල රියදුරන් මෙම විරෝධතාවය සඳහා සහභාගී වී සිටින බවට ද වාර්තා වෙයි.

Exit mobile version