පුරහල අවට තදබදයක්

පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට වාර්තා වෙයි.

ඒ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවී තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව විරෝධතා පාගමනක් මේ වන විට පැවැත්වෙයි.

නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ වූ පාගමන මේ වන විට ලිප්ටන් වටරවුම වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

Exit mobile version