ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමට අද සිට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද සිට අවස්ථාව හිමිව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අනුව අද සිට ලබන මස 6 වන දා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.

එළැඹෙන ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 16 වන දා පැවැත්වෙන අතර නාම යෝජනා ලබන මස 07 වන දා භාර ගැනීමට නියමිත වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර ලබන 07 වන දා උදෑසන 9.00 සිට උදෑසන 11.00 දක්වා පැය දෙකක කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

Exit mobile version