කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා 3ක් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වීරත්තගලයාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම වැල්ලවාය පොලීසිය සහ මොණරාගල දිසා විශේෂ වැටලීම් ඒකකය එක්ව සිදු කර ඇති අතර එහිදී පෙරන ලද කසිප්පු බෝතල් 15ක්, ගෝඩා, බැරල්, දගර ඇතුළු පෙරීම් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

පොලීසිය විසින් වැටලීම සිදු කරන අවස්ථාවෙදී සැකකරුවන් නීති වීරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිට ඇති අතර එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version