ආබාධිත රණවිරුවන් වර්ෂාවත් නොතකම්න් තවදුරටත් විරෝධතා

විශ්‍රාම වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතා ක්‍රියාමාර්ගය 14 වන දිනටත් පැවැත් වේ.

අධික වර්ෂාවද නොතකමින් ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරතව සිටින බව අප වාර්තාකරු සදහන් කළේය.

විරෝධතාව සදහා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටින බව සදහන්.

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා ටි අරුන්ඛාන්ත් මහතා ද එම ස්ථානයට පැමින ඇත.

Exit mobile version