ගාල්ල, මාතර පාසල් හෙට සහ අනිද්දාත් නිවාඩු

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (26) සහ අනිද්දා (27) යන දෙදින වසා තැබිමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Exit mobile version