කාර්යාල දුම්රිය හයක් ධාවනයට

දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය 6ක් අද (26) උදෑසන ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

Exit mobile version