සූඩෙයිකුඩා වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි

නාවික හමුදාව විසින් ඊයේ (25) දින ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට සමත් විය.

නැගෙනහිර නාවික විධානයට විසින් ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි කිරීමක් අතරතුරදි සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කර ඇත.

එය වැඩිදුර පරීක්ෂා කිරීමේදී එහි අසුරා තිබු මෙම බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන තිබේ.

Exit mobile version