පන්නල දී සිදුවු රිය අනතුරකින් අයෙක් මරුට

පන්නල කර්මාන්තපුරය මාර්ගයේ අත් ආවරණ කර්මාන්ත ශාලාව අසළදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පන්නල දෙසට ධාවනය වු සේවක ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු මෙම අනතුරින් යතුරුපැදියේ රියදුරු මිය ගොස් ඇත.

යතුරු පැදියේ සිටි තවත් පුද්ගලයෙකු වැඩිදුරු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත මාරු කර යවා ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වු පන්නල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධියට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version