කලවානේ අනතුරකින් දෙදෙනෙක් මරුට

කලවාන, මතුගම මාර්ගයේ ගල්කැටිය ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබේ.

කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් කුඩා ලොරි රථයේ ගමන් කළ රියදුරු සහ සහායක තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී ඔවුන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇත.

මියගිය රියදුරු 51 හැවිරිදි කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රිය සහයකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

Exit mobile version