දුම්රිය සේවකයින් ඇතුළු වෘත්තිය සමිතිවල වර්ජන තවදුරටත්

රාජ්‍ය සේවයේ ශ්‍රේණි රැසක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජන තවදුරටත් ක්‍රියාත්මක වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 4 වැනි දිනටයි.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීන් එක් ව සිටිති.

මේ අතර වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වේ.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

Exit mobile version