හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

වයඹ නාවික විධානය සහ සින්නකුඩිඉරිප්පු පොලිසිය එක්ව ඊයේ (01) දින කල්පිටිය, සින්නකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරිමකදී මෙම හක්බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 42 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වෙයි.

එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලමසහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවදධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීමමිලදී ගැනීමවිකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමවිකිණීමප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

Exit mobile version