ගාල්ල කොටුවේ පදික මංතීරුවක් ගිලා බසී

ගාල්ල, බලකොටුවේ මිනිසුන් ගමන් ගන්නා පදික මංතීරුවක් ගිලා බැසීමට ලක්ව ඇතැයි අප වාර්තාකරු පවසයි.

ඊයේ(03) සවස මෙය සිදුව තිබේ.

ඒ අනුව, ගාල්ල ශ්‍රී සුදර්මාලය විහාරය ආසන්නයේ මෙම ගිලා බැසීම සිදුව තිබේ.

අඩි 10 ක පමණ වපසරියකින් යුතු කොටසක් මෙලෙස ගිලා බැස ඇති අතර මෙවැනි ගිලා බැසීම් ස්ථාන තුනක පමණ ඇති බව අප වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයෙන් ජනතාව ගමන් කිරීම තාවකාලිකව නවතා දමා තිබේ.

මෙලෙස ගිලා බැසීමක් සිදුවුයේ කුමක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version